Friday, April 27, 2012

මැජික් එකක්. සරලයි එත් ගැඹුරුයි. කරලා බලන්න..

                 
                                            යාලුවනේ කොහොමද.. මට හම්බුනා පට්ටම වැඩ කැල්ලක්. මැජික් එකක්. මේක ගැන දාන්න අය නම් ඇති. මේක තියෙන්නේ flash game එකක් විදියට ඒ නිසා කරලා බලන්න ලේසියි. ඕන නම් කරලා යාලුවොන්ව පුදුම කරන්නත් පුළුවන්. වැඩිය කියන්න දේවල් නැ. වැඩේ කරලා හොදද බලන්න.


                          මේක කාර්ඩ් පැක් එකත එක්ක සම්බන්ද දෙයක්... (බූරු කුට්ටම) හික්ස්..... අවුරුද්දේ බූරු ගහපු අයත් ඇතිනේ... අනේ ඕන අපි නම් නැ..... රුපියල් 10 ට 20 ට දැම්මට....ඉතින් මේකයි සීන් එක. මේකේ එන කාඩ් 6න් එකක් හිතාගන්න.. ඊටපස්සේ කලවම් කරන්න.ඊට පස්සේ තමන් හිතාගත්ත කාඩ් එක අළු වෙලා යාවි........ පුදුමයි නේද? කරලම බලන්න..


                           පල්ලහ තියන එක Flash Game එක Download කරගෙන Dobble click කරලා Open කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සීන් එක ඉතින් සිම්පල්..... හික්ස්.


                                       Download Here


       එහෙනම් මං ගියා ඔන්න........ ඕකා කරලා අවුලක් තිබුනොත් කියන්න...... ආ මේ කවුරුහරි මේකේ සීන් එක හොයාගත්තොත් මටත් කියන්න..... මමනම් දන්නේ නැ කොහොමද මේක හදල තියෙන්නේ කියල.. අපි ගියා බුදු සරණයි!  
    ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න......

2 comments:

  1. එලම ගේම් 1 ක් තමයි... මටත් මුලින් හිතාගන්න බැරිවුණා. පිස්සු වගේ වුණා. එත් ටික වෙලාවක් අවස්ථා කීපයක් කරන් යනකොට තමයි තේරුනේ. මෙහෙම සීන් 1 ක් නම් වෙනවා කියල හොයාගත්ත මම. එකේ මුලින් අපිට පෙන්නන කාර්ඩ් 6 නැතුව වෙන කාර්ඩ් 5 ක් තමයි පස්සේ පෙන්නන්නේ. හොදට බලන්න මුලින් පෙන්නන කාර්ඩ් 6 අකුරු සහ සංකේත. එට පස්සේ අවසානෙදි පෙන්නන කාර්ඩ් වල අපි මුලින් දැකපු කාර්ඩ් නැහැ. උදාහරණයක් විදියට මට වුනු අවස්තාවක් කියන්නම්. මට මුලින් පෙන්නුව කාර්ඩ් 6 J අකුර තියෙන කාර්ඩ් 3 කුත් , Q අකුර තියෙන කාර්ඩ් 2 කුත් තිබුණා. එත් අන්තිමට පෙන්නපු කාර්ඩ් 5 J අකුර තියෙන කාර්ඩ් 1 කුත් , Q අකුර තියෙන කාර්ඩ් 2 කුයි තිබුනේ.
    මුලින් මම දැක්කේ හාරත,ස්කෝප්ප,රුවිත කියන වර්ග 3 J අකුරට අදාළ කාර්ඩ්. එත් අවසානෙදි මට පෙන්නුවේ ගහ වගේ තියෙන (මට ඒ ජාතියේ නම මතක නෑ.) එකේ J කාර්ඩ් එක. මුලින් පෙන්නුව Q කාර්ඩ් වුනේ හාරත, රුවිත කියන ඒවගේ Q. එත් අන්තිමට මට පෙන්නුවේ ස්කෝප්ප සහ ගස වගේ ලකුණ තියෙන එකේ Q කාර්ඩ්ස්. ඒ කියන්නේ මුලින් අපිට පෙන්නන කාර්ඩ් 6 න් 1 ක්වත් අවසානේ නැ. අවසානේ අපිට පෙන්නන්නේ වෙනම කාර්ඩ් සෙට් 1 ක්. එත් ඇයි අපිට එක නොතේරෙන්නේ ? හේතුව අපි මතක තියාගන්න උත්සහ කරන්නේ අපි හිතේ තියාගන්න කාර්ඩ් එක විතරක් වීම. ඒ නිසා අනිත් කාර්ඩ් 5 වෙනුවට වෙනත් කාර්ඩ් 5 ක් පෙන්නුවට එක අපිට අදුරගන්න බැහැ. මම මේක ටෙස්ට් කරලා බැලුව පොඩ්ඩක්. එතකොටයි එක තේරුනේ. අනිත් අයත් මේක ටෙස්ට් කරලා බලලා මේ ගැන කියන්න..

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.