Sunday, April 8, 2012

අවුරුද්දට කනාමුට්ටි ගහමු. දැන්ම බා ගන්න.





මුලින්ම කියනවා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ඇ.අවුරුද්දත් ලගම එනවනේ.අවුරුදු උත්සව වලට එහෙමත් යන්න හිතන් ඉන්න අයත් ඇතිනේ.ඉතින් හැමෝම කැමතියිනේ අවුරුදු ක්‍රීඩා වලට.ඔන්න අදනම් දෙන්න අවුරුදු තෑග්ගක් . අවුරුදු ක්‍රීඩාවක්.හික්ස්.මේක ගහන්න තියෙන්නේ තමන්ගේ පරිගණකයෙන්.ඔක්කොමල දන්නවනේ කනමුට්ටි ගැන.දන්නේ නැත්නම් ඔන්න පල්ලහ තියනවා බලාගන්න.


කණාමුට්ටි බිඳීම


කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය


සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි කී‍්‍රඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි.මෙය ලොකු කුඩා කවුරුත් අතර ජනපි‍්‍රය කී‍්‍රඩාවක්.තරමක් උස ලී කණු 2ක් හරහා බැඳගත් කඹයක එක හා සමාන මැටි මුට්ටි කිහිපයක් එල්ලා,එම මැටි මුට්ටි තුළට නිල් දියර පිරවීම සිදුකරන අතර හරි මැද ඇති මුට්ටියේ තීන්ත හෝ ජලය පිරවීම සිදුවෙනවා.මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්වන අතර ඇතැම් ප‍්‍රදේශවල කඹයේ හරි මැදට වන්නට එක් මුට්ටියක් පමණක් එල්ලීමද සිදුකරනවා. 


තරගකරුවන්ගේ ඇස් නොපෙනෙන රෙදි කඩකින් ගැට ගසා,වට කිහිපයක් හිටි තැනම කරකවා,ඔවුන් අතට පොල්ලක් දී අතහැරීම මෙම කී‍්‍රඩාවේ ස්වභාවයයි.ජය ගැනීමට නම්,ඔහු විසින් අදාළ කඹය ආසන්නයට ගොස්,නිවැරදි මුට්ටියට වැරෙන් පොලුපහර එල්ල කර,එක් පහරින්ම එය බිඳහෙලිය යුතුයි.එක් තරගකරුවෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.





එහෙනම් මේ පල්ලහ තියෙන ලින්ක් එකෙන් Download කරගන්න අවුලක් උනොත් කියන්න.Game එකකක් කීවට බයවෙන්න එපා මේක P3 කොම්පිඋටරේක උනත් ගැහුවහැකි install කරන්න ඕන නැ ඕපන් කල ගැහුවා.හික්ස් .


මෙහි අයිතිය.www.kaputa.com

කොමෙන්ටුවකුත් දාල ගියා නම්................................................................................

1 comments:

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.